කාඩ්පත් හිඟයක් : රියදුරු බලපත්‍ර 673,000ක් මුද්‍රණය කිරීම අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW :

මුද්‍රණ යන්ත්‍ර සහ හිස් කාඩ්පත් (blank cards) හිඟයක් හේතුවෙන් රියදුරු බලපත්‍ර 673,000ක් මුද්‍රණය කිරීම නතර කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මහතා පවසයි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍යාංශ උපදේශක කාරක සභාව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

දැනට පවතින කාඩ්පත් මිලියනයක තොගය ජනවාරි මාසය වන විට අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, නව සැපයුම් ගිවිසුමක් යටතේ කාඩ්පත් මිලියන දෙකක පළමු තොගය ලබන වසරේ මාර්තු මස අවසානය වන විට ලැබීමට නියමිත බවත් ඔහු පැවසීය.

මෙම හිඟයට විසඳුමක් ලෙස, ඉදිරි මාස දෙක තුළ අවශ්‍යතා සපුරාලීම සඳහා දැනට සිටින සැපයුම්කරුගෙන් තවත් කාඩ්පත් 500,000ක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ඉල්ලා සිටීමට ඔහු යෝජනා කළේය.

කොමසාරිස් ජනරාල්වරයාට අනුව, නිකුත් කිරීමට ඉතිරිව ඇති රියදුරු බලපත්‍ර තොගය ලබන වසරේ මැද භාගය වන විට නිකුත් කර අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

මේ අතර, වාහන අංක තහඩු හිඟයක් හේතුවෙන් අංක තහඩු 450,000ක් පමණ තවමත් නිකුත් කිරීමට ඉතිරිව පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අග්බෝට කරදරයක්ද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ...

සිසුන්ගේ අධ්‍යාපනික බර ලිහිල් කිරීමට සැරසෙන අගමැති හරිනි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ අධ්‍යාපන...

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ

රටපුරා විදුලිය විසන්ධි වීම ගැන පරීක්ෂණ වාර්තාව මාසයකින්!

කොළඹ LNW:දිවයින පුරා ඊයේ (17) දිනයේදී සිදුවූ හදිසි විදුලි...