කොළඹ LNW:විහාර මහාදේවි උද්යානයේදී පය ලිස්සා වැටීම හේතුවෙන් ඊයේ (17) පස්වරු 8.30 ට පමණ ශ්රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ප්රතිකාර සඳහා පැමිණි බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ පැයකට පමණ පසුව ප්රතිකාර තවදුරටත් අනවශ්ය බව දන්වා රෝහලෙන් බැහැරව ගොස් තිබේ.
උන්වහන්සේට අදාළව එක්ස් කිරණ පරීක්ෂණයන්, අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයන්, ලේ පරීක්ෂාවන් සිදු කිරීමට කටයුතු කර ඇති අතර ඒවායේ කිසිදු වැරැද්දක් ඇති බවට ඒ අවස්ථාවේදී සටහන් වී නොමැති බව සඳහන්.
උන්වහන්සේගේ හිසට පහර වැදුණු බව පැවසීම නිසා වෛද්යවරුන් උන්වහන්සේට යෝජනා කර ඇත්තේ හදිසි අනතුරු ඒකකයෙන් වාට්ටුවකට ඇතුලත් කර උන්වහන්සේව පූර්ණ ලෙස පරීක්ෂාවට හා නිරීක්ෂණයට ලක් කළ යුතු බවයි.
එහෙත් උන්වහන්සේ එම ප්රතිකාරයන් අවශ්ය නොවන බව පවසා රෝහලෙන් පැයකට පමණ පසු රාත්රී 9.30 ට පමණ ආසන්න වෙලාවකදී ශ්රී ලංකා ජාතික රෝහලෙන් බැහැරව ගොස් ඇති බව ජාතික රෝහලේ අධ්යක්ෂවරයා පවසා ඇත.
ඒ අනුව ඊයේ රාත්රියේ සිදුවූ බව කියන පහරදීමක් සිදුව නැති බවත් අසත්ය ප්රචාර සමාජගතකරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්රියාත්මක කරන බවත් පොලිස් මාධ්ය ප්රකාශකවරයා කියා සිටියි.


