ප්‍රවාහන පද්ධතියේ යල් පැනගිය ක්‍රමවේද ඉවත් කළයුතුයි – විපක්ෂ නායක සජිත්

Date:

රාජ්‍ය සේවයේදී අදාල ඉලක්ක සම්පූර්ණ කරන නිලධාරීන්ට අමතර දීමනා ලබාදීමේ වැඩපිළිවෙලක් හරහා ඔවුන් තවදුරටත් අභිප්‍රේරණයට ලක් කළ හැකි බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදු විය යුතු වෙනස්කම් පිළිබඳවූ සාකච්ජාවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළකලා.

මෙරට ප්‍රවාහන පද්ධතියේ පවතින යල්පැනගිය ක්‍රමවේද ඉවත් කර ඒකාබද්ධ වැඩපිළිවෙළක් හරහා නව තාක්ෂණය භාවිත කිරීම තුළින්, නව ලොවට ගැලපෙන, කාර්යක්ෂම ප්‍රවාහන ක්ෂේත්‍රයක් රටට හඳුන්වා දිය හැකි බවයි, සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ.

අනාගත සමගි ජන බලවේග රජයක් යටතේ ආයතනික අවශ්‍යතාවට මුල් තැන නොදී, ජාතික අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කරන බවත්, පුද්ගල අවශ්‍යතාව මත තීරණ නොගෙන, ජාතික අවශ්‍යතාව මත තීරණ ගන්නා වැඩපිළිවෙළක් සකස් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා.

ජාතිත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සඳහා වූ මහලේකම් කාර්යාලය සංවිධානය කළ මෙම සාකච්ජාවට ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිළධාරීන් මෙන්ම, වෘත්තීය මට්ටමින් මේ පිළිබඳ පර්යේෂණ පවත්වන විද්වතුන් පිරිසක්ද එක්ව සිටියා.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...