කැනඩාවේ හමුදා කඳවුරක දැවැන්ත ගින්නක් හේතුවෙන් හමුදා සාමාජිකයන් සිව්දෙනෙකු මරුට, 39 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: කැනඩාවේ ඇල්බර්ටා (Alberta) ප්‍රාන්තයේ පිහිටි හමුදා කඳවුරක ඇති වූ දැවැන්ත ගින්නක් හේතුවෙන් හමුදා සාමාජිකයන් සිව්දෙනෙකු මියගොස් තවත් 39 දෙනෙකු තුවාල ලබා තිබේ.

2026 ඔක්තෝබර් 17 වැනිදා කැනේඩියානු හමුදාවට අයත් වයින්රයිට් (Wainwright) හමුදා කඳවුරේ පුහුණු අභ්‍යාසයක් අතරතුර මෙම ගින්න හටගෙන ඇත.

කැනේඩියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව, සජීවී පතොරම් භාවිත කරමින් සිදුකළ පුහුණුව අතරතුර ඇති වූ ගින්න, ප්‍රබල සුළං හේතුවෙන් ඉතා වේගයෙන් පැතිර ගොස් තිබේ.

තුවාල ලැබූවන් අතරින් 19 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වන අතර තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා හදිසි සහන සේවා සහ වෛද්‍ය කණ්ඩායම් කටයුතු කර ඇත.

කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි මෙම සිදුවීම සාමකාමී කාලයකදී එරට හමුදාවට මුහුණ දීමට සිදු වූ බරපතළම ඛේදවාචකයන්ගෙන් එකක් ලෙස හඳුන්වා තිබූ අතර ගින්න ඇතිවීමට හේතු සහ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට පැනවීමට නියමිත සම්බාධක අත්හිටුවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: රුසියාව සහ...

අද (19) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 19) දිනයේදී දිවයිනේ බොහෝ...

ඉරානයේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මිසයිල හා අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්වන මෙහර්දාද් අක්ලගී පත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ඉරානයේ නව...

“ඉතිහාසය ගිනි තබා විනාශ කළ හැකිද?” ප්‍රංශයේ ඓතිහාසික නගර ශාලාව ගිනිදැල් අතරින් අළු වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): වසර 143ක පමණ ඉතිහාසයක් පුරා...