අකුරණ බිහිසුණු රිය අනතුරක්. සිව් දෙනෙකු මරුට !

අකුරණ, 07 කණුව, කුරුගොඩ හන්දියේ වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මරණයට පත්ව, තවත් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු මෙසේ අනතුරින් මියගොස් ඇත.

සිමෙන්ති ප්‍රවාහනය කළ ප්‍රයිම් මූවර් රථයක් රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ ගමන් ගත් තවත් වාහන කිහිපයක සහ පදිකයින් කිහිපදෙනෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

ත්‍රීරෝද රථ, ලොරි රථ, යතුරු පැදි ඇතුළු වාහන 08කට මෙම අනතුරින් අලාභහානි සිදුව ඇති බවත්, එහිදී ත්‍රීරෝද රථයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවත් යතුරු පැදියක් ගිනිගෙන විනාශයට පත්ව ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්වවිද්‍යාල සිසුන් වෙත අක්ෂි සත්කාරයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : දිවයින පුරා විශ්වවිද්‍යාල...

ශ්‍රී ලංකාවේ නිල් මැණික් ලන්ඩන් කෞතුකාගාරයේ යළිත් බැබලෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : ලොව ඇති විශිෂ්ටතම...

චීන ඉවත් වීම අතිශය විනාශකාරී දර්ශනයක් මවාපෙන්වන්නකි – විපක්ෂ නායක

සෘජු විදේශ ආයෝජන විශාල වශයෙන් ඉවත් කරගන්නා තත්ත්වයක ඒ...

කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට තවත් 5ක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිදුවීමට හා ඒ...