රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW :
මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්ය යූරියා පොහොර රැගත් නෞකා තුනක් මෙම මාසය තුළ දිවයිනට පැමිණීමට නියමිත බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.
එහි අධ්යක්ෂ චන්දන ලොකු හේවගේ මහතා සඳහන් කළේ, ඉන් එක් නෞකාවක් අනිද්දා (22) දිනයේදී පැමිණීමට නියමිත බවයි.
මෙම පොහොර තොග චීනයේ සිට මෙරටට ගෙන්වනු ලැබේ.
අනෙක් නෞකා දෙක 25 වැනිදා සහ 30 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චන්දන ලොකු හේවගේ මහතා ප්රකාශ කළේය.
මහ කන්නය සඳහා යූරියා පොහොර මෙට්රික් ටොන් 180,000ක් පමණ අවශ්ය වන බව සඳහන් වේ.


