ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට පත්කරගැනීමේ සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි.

වත්මන් කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්කර තිබීම මෙන්ම ඔහුට එරෙහිව අල්ලස් කොමිසමේ විමර්ශනයක් ද ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක් තුළ ඔහුට ඉල්ලා අස්වීමට සිදුවන තත්වයක් නිර්මාණය වී තිබේ.

ඒ අනුව, පුරප්පාඩු වීමට නියමිත කථානායක ධුරය සඳහා පත්කරගන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ඉහළ පෙළේ සාකච්ඡාවක් ඊයේ (20) දිනයේදී පැවැත්වී ඇති බව සඳහන්.

එහිදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙපාර්ශ්වයේම එකඟතාව සහිතව ෆයිසර් මුස්තාෆා මහතා කථානායක ධුරයට පත්කරගැනීමට යෝජනා වී ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

පාර්ලිමේන්තුවේ වසර ගණනක අත්දැකීම් සහ පළපුරුද්ද සහිත මන්ත්‍රීවරයකු වන ෆයිසර් මුස්තාෆා මහතා ජනාධිපති නීතීඥවරයකු මෙන්ම භාෂා තුනම ඉතා හොඳින් හැසිරවීමේ හැකියාව ද ඇත්තෙකි. එමෙන්ම සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටි සිවරාසා අනෝජන් බේරාගැනීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව ඔහු දැක්වූ දායකත්වය තුළින් ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ හැකියාව ද මනාව පෙන්නුම් කෙරිණි.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...