සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්රමුඛතම ධනවත් ව්යාපාරිකයකු වන එලොන් මස්ක්, ඇමරිකානු දරුවන් වෙනුවෙන් ඩොලර් බිලියන 10කට අධික වටිනාකමකින් යුත් SpaceX සමාගමේ කොටස් පරිත්යාග කිරීමට පොරොන්දු වී තිබේ.
ඔක්තෝබර් 19 වැනිදා ප්රකාශයට පත් කළ මෙම යෝජනාව අනුව, අදාළ කොටස් දරුවන් සඳහා හඳුන්වා දී ඇති Trump Accounts ආයෝජන ගිණුම් හරහා ලබාදීමට අපේක්ෂා කෙරේ.
ඇමරිකාවේ වයස අවුරුදු 18ට අඩු දරුවන් මිලියන 73ක් පමණ සිටින බැවින්, මෙම පරිත්යාගය ඔවුන්ගේ අනාගත ආයෝජන සඳහා වැදගත් අවස්ථාවක් විය හැකි අතර වෙතත්, SpaceX කොටස්වල වෙළෙඳපොළ වටිනාකම වෙනස් විය හැකි අතර, කොටස් බෙදාදීමේ නිශ්චිත ක්රමවේදය පිළිබඳ සියලු විස්තර තවමත් පැහැදිලි කර නොමැත.
මෙම යෝජනාවෙන් දරුවන්ට දිගුකාලීන මූල්ය ප්රතිලාභ ලැබීමේ හැකියාවක් පවතින අතර, මස්ක්ට ලැබිය හැකි බදු සහන සහ මැතිවරණයට පෙර මෙම නිවේදනය නිකුත් කිරීම පිළිබඳව ද අවධානය යොමුව තිබේ. කෙසේ වෙතත්, පරිත්යාගයේ අවසන් ප්රතිඵල තීරණය වන්නේ එය ක්රියාත්මක කරන ආකාරය සහ අදාළ නීතිරීති අනුවය.

