රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW :
පසුගිය දිනවල දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීමක් හේතුවෙන් දෛනික විදුලි කප්පාදුවක් ක්රියාත්මක කිරීමට බලධාරීන්ට සිදුවිය.
මේ නිසා රටේ විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීම සඳහා ජනතාවගේ සහයෝගය ඇතිව දින තුනක කාලයක් පුරා විදුලි සැපයුම සීමා කෙරුණි.
කෙසේ වෙතත්, නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ දෙවන ජනන ඒකකය යළිත් පූර්ණ ධාරිතාවෙන් ක්රියාත්මක වීම ආරම්භ කර තිබේ.
ඒ අනුව, අද(22) දින සිට විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්යතාවක් නොමැති අතර සාමාන්ය පරිදි විදුලි සැපයුම ලබා දීමට හැකි වී ඇත.
මෙම අපහසුතා මඟහරවා ගැනීමට සහය දැක්වූ මහජනතාවට ජාතික පද්ධති ක්රියාකරු සමාගම සිය ස්තූතිය ප්රකාශ කර ඇත.



