විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් ඇතුළු පිරිසගෙන් අධිකරණයට මෝසමක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහයක නිරත වී සිටින භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති නියෝගයට අදාළව කරුණු දැක්වීම සඳහා අද (23) දිනයේදී එම භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

අදාළ අධිකරණය නියෝගයත් රැගෙන කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ එම සත්‍යග්‍රහ භූමියට පැමිණ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසට ඉවත් වන ලෙස දැනුම් දුන් නමුත් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් නොවී අඛණ්ඩව සත්‍යග්‍රහයේ නිරත වෙමින් සිටී.

මේ තත්වය තුළ එම අධිකරණය නියෝගයට අදාළව මෝසමක් මාර්ගයෙන් අද දිනයේදී කරුණු දැක්වීමට කටයුතු කරන බවත් එම භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස වෙනුවෙන් නීතීඥවරුන් 100කට අධික පිරිසක් අද දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නියමිත බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...