කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තයේ Nagqu නගරයේ Baqen කෝරළයේ ඊයේ (22) රාත්රියේ රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුව තිබෙනවා.
මෙම භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයින් 16දෙනෙකු මියගොස් තවත් 46දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් අතරින් පුද්ගලයින් 11කට බරපතල තුවාල ලබා ඇති අතර, 35දෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා. එමෙන්ම නිවාස 339ක් කඩා වැටී හෝ හානි වී ඇතැයි වාර්තා වනවා.
භූමිකම්පාවෙන් පසු, චීන මහජන විමුක්ති හමුදාවේ බටහිර විධානය ආපදා සහන සඳහා හදිසි ප්රතිචාර යාන්ත්රණය වහාම ක්රියාත්මක කළ අතර, ප්රමාදයකින් තොරව පළමු අවස්ථාවේදීම ආපදා තත්ත්වය තහවුරු කර ගෙන තිබෙනවා.
තවද, ආපදා තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් යානා යොමු කර ඇති අතර, බලපෑමට ලක්වූ ප්රදේශ ආසන්නයේ ස්ථානගතව සිටි හමුදා ඒකකවලට අදාළ ප්රදේශ වෙත ගොස් අදාළ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ද මෙම තත්ත්වය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් වැදගත් උපදෙස් නිකුත් කළා.
ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා උපරිම කැපවීමකින් කටයුතු කිරීම, ආපදාවට ලක්වූවන් නිසි ලෙස නැවත පදිංචි කිරීම, ජනතාවගේ ජීවිතවල සහ දේපළවල ආරක්ෂාව ඵලදායී ලෙස තහවුරු කිරීමේ අවශ්යතාව ද ඔහු අවධාරණය කර තිබෙනවා.
දිනූෂි ධීරසිංහ


