සටහන – රුවන් නෙළුගොල්ල
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර, මහින්ද පතිරණ, අසංක නවරත්න සහ සුගීෂ්වර බණ්ඩාර යන අයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ නම්කරන ලද පාර්ශ්වයන් වෙත නොතීසි නිකුත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කරුණු දැක්වීමට මෙම නඩුව නොවැම්බර් 11,12 සහ 13 යන දිනවල කැඳවීමට නියෝග කර තිබේ.
ඒ, එම නඩුව ඊයේ (23) අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ප්රමුඛ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.
හිටපු රාජ්ය බුද්ධි සේවා ප්රධානී සුරේෂ් සලේ නිදහස් කරන ලෙස ඉල්ලමින් පැවැත්වූ විරෝධතාවකදී ඉහත අයවලුන් විසින් සිදුකළ ප්රකාශ හරහා අධිකරණයට අපහාස කර ඇති බවට අභියාචනාධිකරණය වෙත පැමිණිලි කර තිබුණේ කොටුව මහේස්ත්රාත්වරයා විසිනි.


