මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW :

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මාතර තලල්ල නාඔටුන්න වෙරළ තීරයේදී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීමේදී සැකකටයුතු උර සහ ගමන් මළු තුළ සඟවා තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 475කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්වී තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහය ඇතිව සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී, මෙම තොගය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 275කට අධික ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් අඩංගු බව නිල වශයෙන් තහවුරු කර ඇත.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිතා කරන ලද බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාව සමඟින් මෙම නීතිවිරෝධී භාණ්ඩ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ අංශ වෙත භාර දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...