දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලට
ලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවට
නෑ! ඒ අන්තිම කාලෙ.

හෙමින් බිම වැතිරුනාම
රිදෙනව වුනත් ඇඟපත
අතගාන්නත් කෙනෙක් නැති කාලෙ.

කෙටිම කෙටි ජීවිතයක
ස්මරණයන් බෙදා ගන්න
සගයෙක් උවමනාම කාලෙ.

දැන් කොළ හැලෙන කාලෙ !

මීට පස්සෙ එන්නෙ
අලුත් කොළ ලියලන කාලෙ
සොහොන් කොත් ඉදිවෙන කාලෙ.

~ වර්ණ රසිකා ගුණවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...