හෝමාගම පොලිස් කූඩුවේ සිටි තරුණයකු මරුට. ඥාතීන්ගෙන් පොලීසියට දැඩි චෝදනා

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත හෝමාගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන එම පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවාගෙන සිටි සැකකරුවකු ඊයේ (25) පෙරවරුවේ මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි දෙදරු පියෙකි.

ඊයේ උදෑසන එම සැකකරුව බැලීම සඳහා ඥාතීන් පොලිස් ස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී පොලීසිය විසින් ඔහුට පහරදී ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර එහිදී ඥාතීන්ගේ දැඩි ඉල්ලීම මත ඔහුව හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගත්තද, රෝහල්ගත කරනවිටත් ඔහු මියගොස් සිටි බවයි ඥාතීන් සඳහන් කරන්නේ.

ඒ අනුව, පොලීසියේ දැඩි පහරදීම් හේතුවෙන් සැකකරු මියගොස් ඇති බවට ඥාතීන් චෝදනා කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණේ වැටලීමක් අතරතුර හෝමාගම පොලීසියට රැගෙන ආ සැකකරුව හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බවකි.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම සහකාර පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මූලික පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...

ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර්...

ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...