දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW :

සදාහරිත අනාගතයක ඇරඹුම NSBM

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය පරිවර්තනයක පෙරගමන්කරුවා වූ හෝමාගම පිටිපන NSBM හරිත සරසවිය (NSBM Green University) සිය දස වැනි සංවත්සරය අති උත්කර්ෂවත් ලෙස සමරනු ලබයි. 2016 ඔක්තෝබර් 26 වන අදවන් දිනක ඇරඹි මෙම අභිමානවත් ගමන, ගතවූ දශකය තුළ ස්වයං මූල්‍ය විශ්වවිද්‍යාලයක් ලෙස ජාතික මට්ටමෙන් මෙන්ම ගෝලීය මට්ටමෙන් ද ඉටුකළ අසමසම මෙහෙවර විදහා දක්වයි.

NSBM උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ මහතා

දේශීය හා විදේශීය තානාපතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, විදේශීය విశ్వවවිද්‍යාල නායකයින්, කර්මාන්ත හවුල්කරුවන් සහ ප්‍රභූ අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම නිල උත්සවයේදී NSBM හි ඉදිරි අනාගත ගමන් මඟ තහවුරු කෙරෙන සුවිශේෂී සන්ධිස්ථාන කිහිපයක් ද සලකුණු කෙරිණි.

දශකයක සැමරුමට සමගාමීව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිදුවූ සුවිශේෂී සංවර්ධන කටයුතු රැසක් එළිදැක්විණි...

නව සිවිල් ඉංජිනේරු විද්‍යාගාර සංකීර්ණය

  • දෙවන සංවර්ධන අදියර යටතේ රුපියල් මිලියන 720 ක ආයෝජනයකින් නිමකළ Civil Engineering Laboratory Complex නිල වශයෙන් විවෘත කිරීම.

NSBM යෝජිත රෝහල (Medical and Research Hospital)

  • තෙවන අදියර යටතේ රුපියල් බිලියන ගණනක ආයෝජනයකින් ඉදිකිරීමට නියමිත පර්යේෂණාත්මක රෝහල් සංකීර්ණයේ ආකෘතිය එළිදැක්වීම.

නව විද්‍යා පීඨ ගොඩනැගිල්ල

  • මහල් 14 කින් යුතුව දැනට ඉදිකෙරෙමින් පවතින විද්‍යා පීඨ සංකීර්ණය නිරීක්ෂණය කිරීමට ද පැමිණි අමුත්තන්ට අවස්ථාව හිමි විය.

සමරු එළිදැක්වීම්

  • 10 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක්, ‘Vision to Legacy’ සමරු සඟරාව, පළමු දශකය සඳහා වන ‘NSBM ආර්ථික බලපෑම් වාර්තාව’ සහ ඉදිරි දශකය වෙනුවෙන් වන ‘NSBM NEXT’ උපායමාර්ගික සැලැස්ම එළිදක්වන ලදී.

 දශකයකින් උසස් අධ්‍යාපනයේ පෙරළියක්

අක්කර 70 ක සුන්දර භූමි පරිශ්‍රයක ස්ථාපිත NSBM හරිත සරසවිය අද වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදුකර ඇති දායකත්වය අතිමහත්ය.

විද්‍යාර්ථීන් සහ උපාධිධාරීන්

වර්තමානයේ 14,000 කට අධික සිසු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන අතර 24,000 කට අධික උපාධිධාරීන් පිරිසක් ලොව පුරා සේවයේ නිරත වෙති.

ආර්ථික දායකත්වය (GVA)

  • ගතවූ දශකය තුළ එකතු කළ අගය මත දායකත්වය (Gross Value-Added Contribution) රුපියල් බිලියන 115.5 කි.

විදේශ විනිමය ඉතිරිකිරීම

ජාත්‍යන්තර මට්ටමේ පාඨමාලා මෙරටදීම හැදෑරීමට මඟපාදමින් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 337.8 ක විදේශ විනිමයක් රට තුළ ඉතිරි කර දෙයි.

රැකියා නියුක්තිය

උපාධිධාරීන්ගෙන් 86% ක් ස්ථිර රැකියාවල නිරත වන අතර, 74% ක් තමන් හැදෑරූ ක්ෂේත්‍රයන්හි සේවය කරති. තවද 11.5% ක් සාර්ථක ව්‍යවසායකයින් ලෙස තමන්ගේම ව්‍යාපාර ඇරඹීමට සමත්ව ඇත

ළෙන්ගතු කථිකාචාර්ය-ශිෂ්‍ය සබඳතාව

අභියෝගාත්මක අවස්ථාවලදී කථිකාචාර්යවරුන් ලබාදෙන මාර්ගෝපදේශනය සිසුන්ගේ ජීවිත නැවත ගොඩනැඟීමට උපකාරී වී ඇත. අධ්‍යයන හා පර්යේෂණ කටයුතුවලට අමතරව, සම-පාඨමාලා (co-curricular) කටයුතු රැසක MIC (Master in Charge) ලෙස කටයුතු කරමින් ආචාර්ය මණ්ඩලය ඉතාමත් සුහදශීලීව සිසුන් හට අපමණ සුහදත්වයෙන් විශාල ශක්තියක් සපයයි.

මෙවැනි දැවැන්ත ආයතනයක් පිළිබඳ හීනයක් දැක, එය දින 1,000 ක් වැනි කෙටි කාලයකදී යථාර්ථයක් බවට පත්කළ NSBM උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ මහතාට හෘදයාංගම ගෞරවය හිමිවේ.

මෙහිදී, NSBM හරිත විශ්වවිද්‍යාලය සිය දශකයක අභිමානවත් ගමන සංස්ස්මරණය කරමින්, ජාතික උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබා දී ඇති අසමසම දායකත්වය සහ ආර්ථික බලපෑම මෙමඟින් අනාවරණය කරයි. අතිනූතන හරිත පරිසරයකින් සමන්විත මෙම ආයතනය, විද්‍යාත්මක හා වෘත්තීයමය ප්‍රමිතීන් ඉහළ නංවමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන විශිෂ්ටත්වයේ සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. ශක්තිමත් කර්මාන්ත සබඳතා, ප්‍රජා මූලික සංවර්ධන වැඩසටහන් සහ විවිධත්වයට ගරු කරන අධ්‍යාපනික පරිසරයක් හරහා මෙහි සිසුන් සර්වප්‍රකාරයෙන් දක්ෂ තරුණ පරපුරක් ලෙස බිහිවේ. මීට අමතරව, නව විද්‍යාගාර සංකීර්ණ විවෘත කිරීම සහ අනාගත රෝහල් ව්‍යාපෘති එළිදැක්වීම මඟින් ආයතනයේ ඉදිරි මූලෝපායික සංවර්ධන දැක්ම මනාව පැහැදිලි වේ. උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ මහතාගේ දුරදක්නා නායකත්වය යටතේ ක්‍රියාත්මක වන මෙම ස්වයං මූල්‍ය විශ්වවිද්‍යාලය, රටට විශාල විදේශ විනිමයක් ඉතිරි කර දෙමින් ජාතික ආර්ථිකයට ද අගනා පිටුවහලක් වී තිබේ.

මෙම අභිමානවත් අවස්ථාවට NSBM උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ මහතාගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ ආරාධනයෙන් තානාපතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, විදේශීය විශ්වවිද්‍යාල නායකයින්, කර්මාන්ත හවුල්කරුවන්, විශ්වවිද්‍යාලයේ හිටපු පාලක සභිකයන් ඇතුළු ප්‍රභූ පිරිසක් එක්ව සිටියහ. ඒ අතර එක්සත් රාජධානියේ ප්ලිමත් විශ්වවිද්‍යාලයේ සහ ඕස්ට්‍රේලියාවේ සදර්න් ක්‍රොස් විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරුන් මෙන්ම, චීනයේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වන ෂෙජියැං ෂුරන් විශ්වවිද්‍යාලයේ විධායක සභාපතිවරයා ද විය.

දශකයක අභිමානය හෙට දිනයේ ගෝලීය ජයග්‍රහණ බවට පත්කරමින්, NSBM හරිත සරසවියට තවත් දශක ගණනාවක් පුරා සිරස ඔසවා තබන සාර්ථක මෙන්ම අභිමානවත් "Evergreen" ගමනකට LNW අපගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමු!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...