සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් හුවමාරු වේදිකාවක් වන බයිනෑන්ස් (Binance) වෙත එල්ල වූ දැවැන්ත සයිබර් ප්රහාරයකින් අමෙරිකානු ඩොලර් බිලියන 6.3කට ආසන්න ක්රිප්ටෝ මුදල් සොරකම් කර ඇති බව වාර්තා වේ.
මෙම ප්රහාරය පිටුපස උතුරු කොරියාවට සම්බන්ධ TraderTraitor නමැති හැකර් කණ්ඩායම සිටින බවට බ්ලොක්චේන් විශ්ලේෂණ ආයතනයක් වන TRM Labs සැක පළ කර තිබේ.
ඔක්තෝබර් 29 වැනිදා සිදු වූ මෙම ප්රහාරයේදී විවිධ බ්ලොක්චේන් ජාල 10ක් ඔස්සේ බයිනෑන්ස් සතු ඩිජිටල් මුදල් විශාල ප්රමාණයක් මිනිත්තු 20ක් වැනි කෙටි කාලයක් තුළ වෙනත් පාලිත ගිණුම් වෙත මාරු කර ඇති බව සඳහන් වේ.
මෙය මෙතෙක් වාර්තා වූ විශාලතම ක්රිප්ටෝ මුදල් සොරකම ලෙස සැලකේ.
ප්රහාරයෙන් පසුව බයිනෑන්ස් ආයතනය ජාල කිහිපයක මුදල් තැන්පත් කිරීම් සහ ආපසු ගැනීම් තාවකාලිකව අත්හිටුවා ඇති අතර, සොරකම් කළ මුදල්වලින් ඩොලර් බිලියන 3කට ආසන්න ප්රමාණයක් මේ වන විටත් අත්හිටුවීමට හැකි වී ඇති බව වාර්තා කර තිබේ.
පාරිභෝගිකයන්ගේ මුදල් සුරක්ෂිත බවත්, සිදු වූ පාඩු සඳහා වන්දි ලබාදීමට කටයුතු කරන බවත් බයිනෑන්ස් ආයතනය ප්රකාශ කර ඇත.

