රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW :
ශ්රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බැංකු ගිණුම් විවෘත කිරීම, වාහන ලියාපදිංචි කිරීම සහ දේපළ හා ව්යාපාර කටයුතු ඇතුළු නිශ්චිත සේවාවන් රැසක් ලබා ගැනීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම හෙට (01) සිට අනිවාර්ය කර ඇත.
මෙම නව නීතිය යටතේ වයස අවුරුදු 18ට වැඩි සියලුම පුරවැසියන් TIN අංකයක් ලබා ගැනීම අත්යවශ්ය වන නමුත්, වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18 ඉක්මවන පුද්ගලයන් පමණක් බදු ගෙවීමට යටත් වන බව බලධාරීන් අවධාරණය කර තිබේ.
මෙතෙක් මෙම අංකය ලබාගෙන නොමැති අයෙකුට දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා පහසුවෙන් ලියාපදිංචි විය හැකි අතර, තමන් සතු අංකයේ වලංගුභාවය පරීක්ෂා කර මුද්රිත පිටපතක් ලබා ගැනීමේ පහසුකම්ද සලසා දී ඇත.
දැනටමත් මෙරට වයස 18 සම්පූර්ණ වූ පුරවැසියන් මිලියන 13කට ආසන්න පිරිසක් මෙම අංකය ලබාගෙන ඇති බව වාර්තා වේ.
නිලධාරීන් විසින් අදාළ කටයුතු සිදු කිරීමට පෙර TIN අංකයේ වලංගුභාවය තහවුරු කර ගත යුතු බවටද උපදෙස් ලබා දී තිබේ.


