වසර තුනක කඳුළු බලාපොරොත්තුවට නිමාවක්!

සටහන – පුලී

නොවැම්බර් 01, LNW (කොළඹ):වසර තුනක් පුරා හදවතේ සඟවාගෙන සිටි වේදනාව කඳුළු බවට පත් කරමින්, යුද්ධයෙන් වෙන්වූ පියෙකු සහ දියණියන් දෙදෙනෙකු යළි එකිනෙකාගේ තුරුළට පැමිණි සංවේදී දසුනක් යුක්රේනයෙන් වාර්තා වෙයි.

රුසියානු පාලනය යටතේ පැවති යුක්රේනයේ ඔලෙෂ්කි (Oleshky) නගරයේ සිට ඉවත් කරනු ලැබූ ජනතාව බෙලරුසියාව හරහා යුක්රේනයේ චර්නිහිව් ප්‍රදේශයට පැමිණීමත් සමඟ වසර ගණනාවක් වෙන්ව සිටි පවුල්වල සාමාජිකයන් යළි හමුවූයේ කඳුළු පිරි දෑසිනි.

ඒ අතරින් සියල්ලන්ගේම හදවත් සංවේදී කළේ දෂා සහ අනියා පාලි (Dasha and Anya Palii) නම් සහෝදරියන් දෙදෙනාගේ නැවත හමුවීමයි. තම පියා වන මයිකයිලෝ බස් රථයකින් පැමිණෙනු දුටු ඔවුන් දෙදෙනා ඉවසුම් නොමැතිව දිව ගොස් කෑගසමින් පියාගේ තුරුළට පැන්නාය. වසර තුනක් පුරා සිතේ සිරකරගෙන සිටි බිය, වේදනාව, ආදරය සහ නැවත කිසිදා පියා දැකගත නොහැකි වේයැයි තිබූ බිය ඒ මොහොතේ කඳුළු අතරින් පිටව ගියේය.

මෙම ජනතාව ගෙවූ ජීවිතය වචනවලින් විස්තර කළ නොහැකි තරම් දුෂ්කර එකක් විය. ආහාර, පිරිසිදු ජලය සහ විදුලිය පවා නොමැතිව ඉදිරිපෙළ යුද කලාපයක සිරවී සිටි ඇතැම් පිරිස් ජීවිතය රැකගැනීම සඳහා තම ගෙවතුවල වැවුණු වල් පැළෑටි පවා ආහාරයට ගෙන තිබේ. වයෝවෘද්ධ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ශාරීරික තත්ත්වය කෙතරම් දුර්වල වී තිබුණේද යත්, ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමට සිදුවූයේ රෝගී ඇඳන් මත තබාගෙනය.

මෙම ජනතාවගේ ආරක්ෂිත ඉවත් කිරීම සඳහා මඟ පෑදූ තාවකාලික සටන් විරාමය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ආර්යාව මෙලනියා ට්‍රම්ප් වෙත යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සිය ස්තුතිය පළ කර තිබේ.

යුද්ධය විසින් වෙන් කළ පවුල් යළි එක් කළ ඒ මොහොතේ දෂා සහ අනියාගේ කඳුළු අපට කියා දුන්නේ එකම දෙයකි. ලෝකයේ කොතැනක යුද්ධයක් පැවතියත්, ආදරණීයයන් යළි දැකගැනීමේ බලාපොරොත්තුව තරම් වටිනා දෙයක් මිනිස් හදවතකට තවත් නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් වෙනස් නොවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ...