පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW:

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

බස්නාහිර, දකුණ, සබරගමුව, ඌව, උතුර, නැගෙනහිර සහ මධ්‍යම යන පළාත්වල ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 130ක් පමණ තුළ මදුරු කීටයන්ගේ ඝනත්වය ඉහළ ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන්, නොවැම්බර් මස 9 වැනිදා සිට 14 වැනිදා දක්වා දිස්ත්‍රික්ක 13ක විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 105,500ක් පමණ වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව 79ක් ලෙස සටහන් වේ.

රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...