සජිත් ප්රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් හඳුන්වන (ඔහු විසින් නම් කරන ලද) ඇතාගේ ජීවමාන ප්රමාණයේ ප්රතිමාවක් නිර්මාණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙය, කාවන්තිස්ස නායකත්වය හෙබවූ කහල්ල-පල්ලෙකැලේ අලි රංචුව නිතර ගැවසෙන ප්රදේශයට ඉතා ආසන්නව පිහිටි අඹන්පොළ, කහඹිලියාවැටියාවත්ත ප්රදේශයේ පිහිටි අභාවප්රාප්ත ජනාධිපති ආර්. ප්රේමදාස මහතාගේ වතු පරිශ්රයේ ස්ථාපිත කිරීමට නියමිතය.
වෙන් කරන ලද මෙම භූමි භාගය අදාළ ප්රතිමාවෙන් සහ පර්යේෂණ/පුස්තකාල පරිශ්රයකින් සමන්විත වන අතර, එමගින් පර්යේෂණ ප්රවර්ධනය කිරීම, අලි-මිනිස් ගැටුම අවම කරමින් සමනය කිරීමේ පියවරයන් සඳහා මධ්යස්ථානයක් පිහිටුවීම සහ වත්මන් හා අනාගත ශ්රී ලාංකික පරම්පරාවල යහපත උදෙසා ඇත් සහ අලි රංචු සංරක්ෂණය කිරීම ප්රවර්ධනය කරනු ඇත.
විපක්ෂ නායක සහ ශ්රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපති සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් යුත් ‘කාවන්තිස්ස හස්ති ආරක්ෂක කාර්ය සාධක බලකාය’ (KAWANTISSA Tusker Protection Task Force) මගින් මෙම වැඩසටහන ක්රියාත්මක කෙරේ.
කාවන්තිස්සට ආදරය කරන සියලු දෙනාට මෙම උතුම් සත්කාර්යය සඳහා එක්වන ලෙස සජිත් ප්රේමදාස මහතා ආරාධනා කර සිටියි.
https://m.facebook.com/story.php?story_fbid=pfbid02EyeyNXtMTDV8wktYkr1nnziWE9jfP7cWf9BDagaeg5Rev8NhqLFfmyBijG5HWJG6l&id=100044287246641

