රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW:
සොබාදහම කේන්ද්‍ර කරගත් සහ ඓතිහාසික උරුම හුවා දක්වන සංචාරක ගමනාන්ත සංවර්ධන වැඩසටහනක් වශයෙන් බස්නාහිර පළාතේ වෙරළ හා මුහුද ආශ්රිත හැමිල්ටන් ඇළ, මීගමූ කළපුව ඇතුළු ජලාශ්‍රිත පරිසරය සඳහා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඒ යටතේ, බස්නාහිර පළාත් සභාව විසින් කින්(ග්)ස් අයිලන්ඩ් ජැටියේ (මීගමුව කළපුව) සිට මා ඔය මෝය කට දක්වා හැමිල්ටන් ඇළ සංවර්ධනය කර සංචාරක කර්මාන්තයට යොදා ගැනීම අරමුණු කරගෙන ව්‍යාපෘති වාර්තාවක් සකස් කරනු ලැබ තිබේ.

ඒ අනුව, හැමිල්ටන් ඇළ ඇතුළු ජලාශ්‍රිත පරිසරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය, රුපියල් මිලියන 700ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල් උපයෝගී කරමින් ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්තුමා; සහ රාජ්‍ය පරිපාලන, පළාත් සහ පළාත් පාලන අමාත්තුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



