වකුගඩු රෝගීන් වෙනුවෙන් රජයේ අවධානය වැඩි වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW:

වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය සඳහා භාවිත කරනු ලබන ඖෂධ සහිත බෑග් 1,100,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය..

තීව්‍ර හෝ දිගුකාලීන වකුගඩු අක්‍රියතාවයෙන් පෙළෙන, රුධිර කාන්දුකරණයට භාජනය වන රෝගීන්ගේ ශරීරයෙන් අපද්‍රව්‍ය සහ අතිරේක දියර ඉවත් කිරීම සඳහා භාවිත කරනු ලබන ඖෂධ සහිත බෑග් 1,100,000ක් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු දෙකක් (02) ලැබී ඇත.

එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ශ්‍රී ලංකාවේ Influxion Lanka (Private) Limited, (Manufacturer: Peritone Health SDN BHD, Malaysia) වෙත, රුපියල් මිලියන 990ක මුදලකට එකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු කොරියාවේ නව රැකියා : ගිවිසුමකටත් යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය...

හැමිල්ටන් ඇළ ඇතුළු ජලාශ්‍රිත පරිසරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රු. මි. 700ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: සොබාදහම කේන්ද්‍ර කරගත් සහ...

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර තිරසර වෙළෙඳාම ශක්තිමත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: යුරෝපා සංගමය සහ ශ්‍රී...

කාන්තා නායකතවය සමානාත්මතාවට එහා ගිය ගෝලීය පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් – හරිනි අමරසූරිය

කොළඹ LNW:කාන්තා නායකත්වය,තවදුරටත් සමානාත්මතාව ළඟා කර ගැනීම පිළිබඳ ඉලක්කයක්...