ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනී!

කොළඹ LNW:ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක් අල්ලස් චෝදනාවක් මත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයේ සාමපුර ග්‍රාමයේ පිහිටි ඉඩමක් සහ එහි පිහිටි ගොඩනැගිල්ලක් රජයේ ඉඩමක් බවට අඟවා බදු ගිවිසුම් සකස් කර එය ජාතික තරුණ සේවා සභාව වෙත බදු පදනමින් ලබාගෙන ඒ සඳහා තුන්වන පාර්ශවයක් යුතු ලෙස හා නීති විරෝධී ලෙස තරුණ සේවා සභාවේ මුදලින් රු.ලක්ෂ 38ක් ගෙවීම සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව එම ගොඩනැගිල්ල අලුත්වැඩියාව සඳහා තරුණ සේවා සභාවේ මුදලින් රු.ලක්ෂ 13ක් යුතු සහගත ලෙස ගෙවීමට සැලැස්වීමෙන් රජයට රු.ලක්ෂ 51ක මුදලක් පාඩු කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ OCA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරයෙන් විරෝධතාවක් – පාර්ලිමේන්තුවේ පිවිසුම අසලටම යයි (PHOTOS)

කොළඹ LNW:රජය විසින් ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

මතභේදාත්මක ඖෂධ ප්‍රසම්පාදන කැබිනට් පත්‍රිකාව රනිල්ගෙන් ලැබුණු බවට කෙහෙළිය කියයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: ආන්දෝලනාත්මක හදිසි ඖෂධ මිලදී...

ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් බලකොටු බිඳ වැටේ ඩිමොක්‍රටික්ස් පක්ෂයට ඓතිහාසික ජයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 04: ඇමෙරිකානු දේශපාලනයේ තීරණාත්මක...

ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් විශේෂ දැනුම් දීමක්!

කොළඹ LNW:ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව...