ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (05) කාලගුණය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (නොවැම්බර් 05) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 01.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි තණමල්විල සභාවේත් අයවැය පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල...

මා සදාකාලිකවම සිහින දකින්නියක් – වර්ණ රසිකා ගුණවර්ධන

මේ දවස්වල තියෙන වැහිබර ගතියත් එක්ක පාන්දරම ඇහැරිලා හිමිදිරිය...

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට...

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්