දික්ඕවිට වරායට ගෙනා නෞකාවේ අයිස් සහ හෙරොයින් කිලෝ 150කට අධික ප්‍රමාණයක් සොයා ගනී!

කොළඹ LNW:නාවික හමුදාව සහ බුද්ධි අංශ එක්ව සිදුකළ වැටලීමකින් දකුණු ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී කිලෝග්‍රෑම් 150කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.

අද (05) උදෑසන අදාළ ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබූ අතර, එහිදී උර 10ක තිබූ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ලක්කර ඇත.

එම අවස්ථාවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ද දික්ඕවිට ධීවර වරාය වෙත ගොස් තිබුණු අතර ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ අදාළ මත්ද්‍රව්‍ය තොගයේ කිලෝ 100කට අධික අයිස් ප්‍රමාණයක් සහ කිලෝ 50කට අධික හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබුණු බවයි.

එම මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් බිලියන 3කට අධික බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් නාවික හමුදාව විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය මේවනවිට ගණනය කිරීම් සිදුකරමින් පවතී.

විශේෂ නාවික මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී ඊයේ (04) දිනයේ නාවික හමුදාව සිය භාරයට ගෙන තිබුණි.

එහිදී ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔවුන්ද අද උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් තිබේ.

2025 වසරේදී නාවික හමුදාව පමණක් රු බිලියන 75ක මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර ඇති අතර, රටම එකට වැඩසටහන යටතේ රු බිලියන 109කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගැනීමට නාවික ක්‍රියාකර ඇතැයි ද අරුණ ජයසේකර මහතා පැවසුවේය. මේ අතර 2026 වසරේ ගතවූ කාලය තුළ පමණක් රුපියල් බිලියන 69ක වටිනාකමින් යුතු මත්ද්‍රව්‍ය නාවික හමුදා මෙහෙයුම් මඟින් සියභාරයට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය වැටලීම්වලින් පුද්ගලයින් 314,200ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් ප්‍රබල සාමාජිකයින් 1050ක් සිටින බවත් නාවික හමුදාව මඟින් මත්ද්‍රව්‍ය සහිත යාත්‍රා 63ක් සිය භාරයට ගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේය.

බහුදින යාත්‍රා 11ක් ඒ අතර වෙයි.

මේ අතර 1818 ක්ෂණික දුරකථන අංකය මඟින් මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් ලබාදෙන ලෙසට ද ඒ මහතා ජනතාවට දැනුම් දෙන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් හමුදා ඩ්‍රෝන පද්ධතිය සඳහා රු. බි. 4.26ක අතිරේක ඇස්තමේන්තුවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: පාර්ලිමේන්තු කථානායක ආචාර්ය ජගත්...

බාල ඖෂධ ගෙන්වීම: කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩු විභාගය අවසන් – ලිඛිත හා වාචික දේශනා කැඳවයි!

කොළඹ LNW:ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...

මාලිමාවට බලය හිමි තණමල්විල සභාවේත් අයවැය පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල...