බාල ඖෂධ ගෙන්වීම: කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩු විභාගය අවසන් – ලිඛිත හා වාචික දේශනා කැඳවයි!

කොළඹ LNW:ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර ඇති නඩුවේ විභාගය ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ (04) අවසන් කර ඇති
ලිඛිත දේශන නොවැම්බර් 25 දින කැඳවිමට ද වාචික දේශන නොවැම්බර් 30 දින කැඳවිමට අධිකරණයෙන් දින නියම කළේය.

නඩුවේ විත්ති වාචික වීමසිම පසුගිය (03) දා අවසන් කර තිබේ.

නඩුවේ විත්ති වාචකය කැඳවීම ඉකුත් 29 වැනිදා ආරම්භ කළ අතර අධිකරණය මඟ හැර සිටින 09 වන විත්තිකරු හැර අනෙක් විත්තිකරුවන් සියලුම දෙනා විත්තිකුඩුවේ සිට සිය විත්තිවාචික ඉදිරිපත් කර තිබුණි.

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා දහතුනක් (13) යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනුකර තිබුණි.

නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 350 දෙනෙකු හා නඩු භාණ්ඩ 300 ආසන්න සංඛ්‍යාවක් පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ බව කියන අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (අධිකරණය මගහැර විදේශගත වී ඇත), සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක , වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයෙකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර නමැති අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටියි.

2023 ඔක්තෝබර් මස අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර මහතා විසින් මේ පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට කරන ලද පැමිණිලි වලට අනුව 2023 ඔක්තෝබර් 13 වැනි දා සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේය. අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබුණි.

එලෙස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමෙන් පසු සිදු කරන ලද සියලු විමර්ශනයන් අවසන් කිරීමෙන් අනතුරුව පසුගිය පෙබරවාරි මස 06 වන දින විමර්ශනයන් වල උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර ඒ අනුව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ මෙම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කළ අතර පසුගිය වසරේ සැප්තැම්බර් මස 16 වැනිදා විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාර දීම සිදු කළා.

ඉන් අනතුරුව ඊයේ (04) දින දක්වා නඩුව දිනපතා විභාග කරන ලදී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් හමුදා ඩ්‍රෝන පද්ධතිය සඳහා රු. බි. 4.26ක අතිරේක ඇස්තමේන්තුවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: පාර්ලිමේන්තු කථානායක ආචාර්ය ජගත්...

දික්ඕවිට වරායට ගෙනා නෞකාවේ අයිස් සහ හෙරොයින් කිලෝ 150කට අධික ප්‍රමාණයක් සොයා ගනී!

කොළඹ LNW:නාවික හමුදාව සහ බුද්ධි අංශ එක්ව සිදුකළ වැටලීමකින්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...

මාලිමාවට බලය හිමි තණමල්විල සභාවේත් අයවැය පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල...