දික්ඕවිටට ගෙනා නෞකාවේ තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය වල වටිනාකම බිලියන 4 ඉක්මවයි!

කොළඹ LNW: දකුණු ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන දික්ඕවිට වරායෙන් ගොඩබිමට රැගෙන එන ලද ධීවර යාත්‍රාවේ තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය තිගය පිළිබඳ තවදුරටත් තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව එම නෞකාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 189කට අධික ප්‍රමාණයක් සොයා ගත් බව නාවික හමුදාව පවසයි.

එහි අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 132යි ග්‍රෑම් 026ක් සහ හෙරොයින් කිලෝ 57යි ග්‍රෑම් 220ක් සොයා ගෙන ඇති අතර එහි වීථි වටිනාකම රු බිලියන 4.2ක් වන බව තහවුරු කරගෙන ඇත.

එම මත්ද්‍රව්‍ය තොගය ඉතා සූක්ෂමව උර තුළ සඟවා තිබී ඇත.

දකුණු ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය ඇතුළත් බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබු බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව සහ බුද්ධි අංශ එක්ව සිදුකළ වැටලීමකදී පසුගිය 04 වැනිදා නාවික හමුදා භාරයට ගෙන තිබුණි.

පොලීසිය සැක පළකරන්නේ මෙම මත්ද්‍රව්‍ය තොගය දෙහිබාලේ මල්ලි නැමැත්තා විසින් මෙරටට එවා ඇති බවටයි.

මත්ද්‍රව්‍ය තොගය පරීක්ෂා කිරීමට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර, නාවික හමුදාපතිවරයා හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාද පැමිණ තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලයට එනකොට කියපුවා දැන් කෝ – නාමල් රජයෙන් ප්‍රශ්න කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: පාසල් උපකරණවලට, සෞඛ්‍යට, අත්‍යවශ්‍ය...

‘අකුරු කියන කතා’ඇසින් අල්ලා ගැනීම

ජෙෆ්‍රි බාවා අවකාශය 'අකුරු කියන කතා' නරඹන්නට ඔබට ආරාධනා...

සිව්වන කාර්තුවේදී විදුලි ගාස්තුවේ වෙනසක් නෑ – ජාතික පද්ධති ක්‍රියාකරු

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: මෙම වසරේ සිව්වන කාර්තුව...

සිව් වන කාර්තුවට විදුලි ගාස්තු සංශෝධනයක් නැහැ – NSO

කොළඹ LNW:2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සඳහා විදුලි...