ප්‍රජා ජල වැඩසටහන් වඩාත් කාර්යක්ෂම කිරීමට නව කලාප කාර්යාල ව්‍යුහයක්!

කොළඹ LNW:ප්‍රජා ජල දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා ජල ව්‍යාපෘති ජනතාවට වඩාත් සමීප කරවමින්, සාර්ථක කර ගැනීමේ අරමුණ සහිතව එම දෙපාර්තමේන්තුව යටතේ පවතින බලතල නව කලාප කාර්යාල ව්‍යුහයක් හරහා ප්‍රාදේශීය මට්ටමික් ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ප්‍රජා ජල දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී ග්‍රාමීය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රජා ජල සම්පාදන වැඩසටහන් කඩිනම් කිරීම, ඉදිරි වැඩසැලැස්ම ක්‍රියාවට නැංවීම මෙන්ම දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු ශක්තිමත් කෙරෙන නව කලාප කාර්යාල ව්‍යුහය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සමාලෝචනය කෙරිණි. ප්‍රජා ජල සේවාවන් බාධාවකින් තොරව ජනතාව අතරට ගෙන යාම සඳහා පවතින පුරප්පාඩු සම්පූර්ණ කරමින් ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර තිබේ.

වඩා ඵලදායී සහ ජනතාවට සමීප ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු සේවාවක් ලබා දීම සඳහා ආයතනිකව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. ඒ සඳහාවන යෝජිත කලාප කාර්යාල සැලැස්ම සහ එහි ආයතනික කාර්යභාරය පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට ගනු ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධයක් මැද වුවත් ඉරානය නව ආර්ථිකය කළමනාකරණයකට යොමු වීමේ සූදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග නැවත...

ශ්‍රීලනිපයට මැතිවරණ කොමිසමෙන් ලැබුණු තීරණය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට...

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු පස්දෙනා යළි රිමාන්ඩ්!

කොළඹ LNW:කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු...

මන්ත්‍රී චාමර සහ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දුෂණ චෝදනාවක් එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...