ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ.
ඒ අනුව, නිලවරණයක් පැවැත්වීම ඇතුළු අවශ්‍ය නිර්ණායක සපුරාලීමෙන් පසු පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචිවීමට යළි ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙසයි කොමිසම දැනුම්දී ඇත්තේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තවදුරටත් අර්බුදකාරී තත්ත්වයන් පවතින හෙයින් ප්‍රධාන මැතිවරණයකට නාමයෝජනා දීමේ අවස්ථාව ඇහිරී තිබේ.
එහෙයින් පක්ෂයක් ලෙස අභ්‍යන්තර නිලවරණය පවත්වා නිලධාරි මණ්ඩලය පත්කරගැනීමෙන් පසු ඉදිරි කටයුතු සිදුකිරීමේ අවස්ථාව පවතියි.


