රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW:
ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ලබා දීමට එකඟ වී තිබේ.
ජල සුරක්ෂිතතාව, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව, පාරිසරික තිරසාරභාවය සහ ජල ක්ෂේත්‍රයේ මූල්‍ය ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වෙන් කෙරේ.
ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 100, 2027 සිට 2031 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘නිපුණතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන’ (Skills Development System Transformation Program) සඳහා යොදවනු ලැබේ.
ඊට අදාළ ණය ගිවිසුම් අද(06) දින මහා භාණ්ඩාගාරයේදී අත්සන් තබන ලදී.


