බන්ධනාගාරවල අධික තදබදය අවම කිරීම ගැන අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW:


බන්ධනාගාර රැඳවියන්ගේ අධික තදබදය අවම කිරීම සම්බන්ධ කරුණු විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයෝ අද (06) බන්ධනාගාර පරිශ්‍ර කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.


ඒ අනුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නව මැගසින් බන්ධනාගාරය, කාන්තා බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය සහ බන්ධනාගාර රෝහල යන පරිශ්‍ර නිරීක්ෂණය කිරීම සිදු කෙරිණි.


මෙහි දී බන්ධනාගාර තදබදය, මුළුතැන්ගෙය කටයුතු, රෝහල් පහසුකම්, බන්ධනාගාර පරිශ්‍රයන්හි අන්තරාදායක ගොඩනැගිලි ඇතුළු සමස්ත ගොඩනැගිලිවල තත්වය, අප ජලය බැහැර වන කාණු පද්ධති, බන්ධනාගාර නිලධාරීන්ගේ පහසුකම් සහ ඔවුන්ට පවතින ගැටලු පිළිබඳව නිරීක්ෂණය කෙරිණි.


මෙම අවස්ථාවට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික , ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මුජිබුර් රහුමාන් , නීතිඥ තුෂාරි ජයසිංහ, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීන් එක්වූහ. එයට අමතරව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරින්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (වැඩ ආවරණ) ආර්. ප්‍රසාද් හේමන්ත කුමාර ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මේ සඳහා සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩිමොක්‍රටික් ජයග්‍රහණයෙන් ඇමරිකානු කොටස් වෙළෙඳපොළට දැවැන්ත පහරක් – ඩොලර් ට්‍රිලියන 2.9ක පාඩුවක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: ඇමරිකානු මධ්‍යකාලීන මැතිවරණයෙන්...

ගම්පහ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත්කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: අධිකරණ සේවා කොමිෂන් සභාව...

ගම්පහ මහේස්ත්‍රාත්වරයාට හදිසි ස්ථාන මාරුවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න...

ගම්පහ මහේස්ත්‍රාත්වරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකරයි !

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි...