රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW:
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ගම්පහ අධිකරණයේ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර මහතා පත් කර තිබේ.
මීට පෙර එම තනතුර හෙබ වූ බන්දුල ගුණරත්න මහතා විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත හදිසියේ ස්ථාන මාරු කර යැවීමත් සමඟ මෙම රික්තය නිර්මාණය විය.
ඒ අනුව, එම හිස් වූ අධිකරණ ධූරය සඳහා නව නිලධාරියා පත් කිරීමට කොමිෂන් සභාව පියවර ගත්තේය.
නව මහේස්ත්‍රාත්වරයා ලෙස පත් වූ කෝසල සේනාධීර මහතා ලබන සඳුදා දින එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත.


