කොළඹ LNW:ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීන රාජ්‍ය මණ්ඩලයේ රේගු තීරුබදු කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
චීන-ඇමරිකා රාජ්‍ය නායකයින් වොෂින්ටනයේදී එළඹුණු එකඟතා ක්‍රියාත්මක කිරීම සඳහා, අදාළ චීන හා ජාත්‍යන්තර නීතිවලට අනුකූලව එම සභාව මෙම නව නිවේදනය නිකුත් කර ඇතැයි වාර්තා වනවා.
එම නිවේදනයට අනුව, ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ මත අතිරේක තීරුබදු පැනවීම පිළිබඳ චීන රාජ්‍ය මණ්ඩලයේ රේගු තීරුබදු කොමිෂන් සභාවේ තීරණය වෙනස් කර, 24%ක අතිරේක තීරුබදු අනුපාතය තවත් මාස දෙකකට අත්හිටුවා ඇති අතර, 10%ක අතිරේක තීරුබදු අනුපාතය අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත. 2026 වසරේ නොවැම්බර් 10 වැනිදා සිට එය බලාත්මක වනවා.
චීනයේ මෙම පියවර චීනය සහ ඇමරිකාව අතර ආර්ථික හා වෙළඳ සබඳතා ස්ථාවරව සහ ධනාත්මකව වර්ධනය කර ගැනීමට ඉවහල් වනු ඇතැයි ද අපේක්ෂා කරනවා.
දිනුෂි ධීරසිංහ


