සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට සංශෝධන එක් වෙයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ සැකකරුවකු රඳවා තබා ගත හැකි කාලය පැය 72 සිට පැය 48ක් දක්වා සංශෝධනය කරන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

මේ අතර සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත පච්ච හා සලකුණු සම්බන්ධයෙන් පනවා තිබූ ප්‍රතිපාදන ඉවත්කර ගන්නා බවද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙන අතර බරපතල අපරාධ සිද්ධියට සම්බන්ධ නඩුකරයක කිසියම් කරුණක් ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා අදාළ අධිකරණයේ අවසරය ලබාගත යුතු බවට දැක්වෙන වගන්තිය ද ඉවත් කරගන්නා බව නීතිපතිවරයා දැනුම් දී තිබේ.

අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා මේ බව අධිකරණයට දැනුම් දෙන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවාලි ආලෝකය යට සැඟවුණු දැවැන්ත පාරිසරික අර්බුදය

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: ඉන්දියාව පුරා 2026 නොවැම්බර්...

රුවන්වැලි මහා සෑය අසල පැවති සත්‍යග්‍රහයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා මත්ලෝලියෙක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: කස්සප හිමි සමඟ සිටියදී...

ඇමරිකානු භාණ්ඩ සඳහා 24%ක අතිරේක තීරුබද්ද චීනයෙන් මාස දෙකකට අත්හිටුවයි!

කොළඹ LNW:ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද...

සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් වාර්තාගත ලාභයක්!

කොළඹ LNW:සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය මාස නමයක කාලය තුළ...