මිලියන 500ක වී වියළන යන්ත්‍ර සමූපකාරවලට ලබාදීමේ වැඩපිළිවෙළ ඇරඹේ!

කොළඹ LNW:සමූපකාර සමිති වෙත වී වියළීමේ යන්ත්‍ර ලබාදීමේ ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් ඒ පිළිබඳ සමූපකාර දැනුවත් කරන වැඩමුළුවක් පසුගියදා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනයේදී පැවැත්වූ එම වැඩමුළුව සදහා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශ ලේකම් කේ.ඒ විමලේන්තිරරාජා මහතා, සමූපකාර සංවර්ධන කොමසාරිස් හා සමූපකාර සමිති රෙජිස්ට්‍රාර් තරණි කුමාරදාස මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

2025 වසරේ අයවැය පූර්ව සාකච්ඡාවලදී ගොවීන්ට වී සදහා නිසි මිලක් නොලැබෙන බවට ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රමුඛ එම අමාත්‍යංශය හරහා ක්‍රියාත්මක කිරීමට පියවර ගැනුණි.

දිවයින පුරා පිහිටි සමුපකාර සමිති වෙත රුපියල් මිලියන 500ක පිරිවැයකින් යුත් නවීන තාක්ෂණික වී වියළන යන්ත්‍ර (Paddy Dryers) 50ක් ලබා දෙන අතර එම යන්ත්‍ර මෙම මහ කන්නයේ සිටම ලැබෙන අස්වනු සදහා භාවිතයට ගත හැකි වන පරිදි පළාත් සමූපකාර කොමසාරිස්වරු හා එම ප්‍රතිලාභී සමූපකාරිකයන් දැනුවත් කිරීම මෙහිදී වැඩමුළුවේදී සිදු කෙරිණ.

එක් යන්ත්‍රයක් රුපියල් මිලියන 10ක් පමණ වටිනා මෙම නවීන තාක්ෂණික යන්ත්‍ර 50ක් මෙලෙස බෙදා දෙන අතර එම සෑම යන්ත්‍රයකටම දිනකට වී මෙට්‍රික් ටොන් 20ක පමණ ප්‍රමාණයක් වී වේලීමේ ධාරිතාවක් පවතී.

පෙර පැවති දේශපාලන හිතවත්කම් මත ප්‍රතිපාදන ලබාදීමේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් වඩාත් සක්‍රීය සහ ස්ථාවර මට්ටමක පවතින සමුපකාර සමිති වෙත නිසි ව්‍යාපෘති වාර්තාවක් (Project Proposal) ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම යන්ත්‍ර ලබා දීමට කටයුතු කර ඇත.

මෙම වී වේලන යන්ත්‍ර (Paddy Dryers) ලබාදීම හරහා වැසි සහිත කාලගුණ තත්ත්වයන් පවතින අවස්ථා වලදී වී වේලීමට නොහැකි වීම නිසා ගොවීන් මුහුණ දෙන අපහසුතා මඟහැරවීම සහ මහා මාර්ග දෙපස අවදානම් සහගත ලෙස වී වේලීම වැළැක්වීමට හැකියාව ලැබේ.

එමෙන්ම ගොවීන්ට තමන්ගේ අස්වැන්න අතරමැදියන්ගෙන් තොරව, වඩාත් හොඳ මිලකට සමුපකාර සමිති වෙත සෘජුවම අලෙවි කිරීමට අවස්ථාව ද මෙමඟින් සැලසේ.

දේශපාලන බලපෑම්වලින් තොරව, නිෂ්පාදන ක්‍රියාවලිය සක්‍රීය කරමින් සමුපකාර ක්ෂේත්‍රය වඩාත් ශක්තිමත් මට්ටමකට පත් කිරීම වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල වන අතර එමඟින් නිෂ්පාදන ආර්ථිකයක් කරා සමූපකාර මෙහෙයවීම ද එහි අරමුණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට සංශෝධන එක් වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ සැකකරුවකු...

දිවාලි ආලෝකය යට සැඟවුණු දැවැන්ත පාරිසරික අර්බුදය

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: ඉන්දියාව පුරා 2026 නොවැම්බර්...

රුවන්වැලි මහා සෑය අසල පැවති සත්‍යග්‍රහයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා මත්ලෝලියෙක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: කස්සප හිමි සමඟ සිටියදී...

ඇමරිකානු භාණ්ඩ සඳහා 24%ක අතිරේක තීරුබද්ද චීනයෙන් මාස දෙකකට අත්හිටුවයි!

කොළඹ LNW:ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද...