මමත් දවල්ට කන්නෑ. බත් කන එක තුනෙන් දෙකකින් අඩුකරන්න – ඇමති ලාල්ගෙන් රාජ්‍ය සේවකයින්ට උපදෙස්

දැනට ආහාරයට ගන්නා බත් ප්‍රමාණය තුනෙන් දෙකකින් අඩුකරන්නැයි රාජ්‍ය සේවකයින්ට යෝජනා කරන බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“අපිට යම් ජීවන මට්ටමක් තියෙනවා මාත් ඇතුළු ඔබ සැමට. සභාව දිහා බැලුවාම පේනවානෙ ඒක මූණු දිහා බැලුවාම, ඇඳුම් දිහා බැලුවාම, ඔක්කොම බැලුවාම. මෙතෙන්ට ගොවියන්ගෙ සභාවක් කැඳෙව්වොත් මොකද තත්වෙ ? සභාව දිහා බැලුවාම දුප්පත්කම වැක්කෙරෙනවා. මූණෙන්, කොණ්ඩෙන්, ඇඳන් ඉන්න ඇඳුමෙන්, ශරීර ස්වභාවයෙන්, ඔක්කොම තේරෙනවා. ගොවියාගෙ ආර්ථිකය නගා සිටුවන්න නම් අපිට මේ වාණිජ කෘෂිකර්මාන්තයට යන්නම සිද්ධ වෙනවා. හෙක්ටයාර් දෙකක් ජීවිත කාලෙම වගා කරපු අය ඉන්නවා, ජීවිතේට සුගතියක් වෙලා නෑ. හෙක්ටයාර් දෙකෙන් එකක් වී වගා කරගෙන අනිත් හෙක්ටයාර් එක අත්හැරියොත් අනිවාර්යෙන්ම එයාගෙ ආර්ථික තත්වය නගා සිටුවන්න පුළුවන්. වී ම කියන ආකල්පය අපි වෙනස් කළ යුතුයි. හරි වැදගත් මේ අපනයන භෝගයක් විදියට අඹ, කෙසෙල්, කොස් කියලා කියන්නම්කො අර අවස්ථා තුනක් තියෙන හින්දා, සහ අන්නාසි අපනයන භෝග හැටියට වැඩිදියුණු කිරීම අත්‍යාවශ්‍යයි.

මං හැර අනිත් ඔක්කොටම දැන් බඩගිනි ඇති. මොකද මම දවල්ට කන්නෙ නෑ. රාජ්‍ය නිලධාරීන්ට ක්‍රිෂිකර්ම ඇමති හැටියට දෙයක් කියන්නද ? අපි දන්න මූණු ගොඩක් ඉන්නෙ මෙතන. රාජ්‍ය සේවකයින්ට මම කරන යෝජනාව දැනට කන බත්වලින් තුනෙන් දෙකක් අඩුකරන්න. තුනෙන් දෙකක් අඩුකරන්න. මේවා බැනුම් අහන කතා – මේගොල්ලො එහෙම බනී මේවාට. අපේ යාළුවෝ, ආදරේ හිතෙනවා දැක්කාම – රාජ්‍ය සේවකයො අපි වාඩිවෙලා ඉන්නෙ ගොඩක් අය. අපිට පුළුවන් නම් ආණ්ඩුකාරතුමාගෙන්ම පටන් ගන්න, මං හිතන්නෙ වඩා වැදගත්. දිසාපතිතුමා නම් මට පේන්නෙ අඩුකරලා තියෙන්නෙ. දැනට, දැනට … දැනට කියන්නෙ සාමාන්‍ය අර්ථයෙන් අපි වේල් තුනක් කනවානෙ. වේල් තුනම බත් නෙ. ඒකෙන් මම කියන්නෙ කාබෝහයිඩ්‍රේට් – බත් කියන එකම නෙවෙයි. බත් කිව්වාමත් ඕක පාන්වලට සපෝට් කරනවා, පාන් පිටි කොන්ත්‍රාත් එකක් කියන්නත් පුළුවන්නෙ ඕක අනිත් පැත්තට – කාබෝහයිඩ්‍රේට් දැනට ගන්න ප්‍රමාණයෙන් තුනෙන් දෙක් අඩුකරන්න. ඒක අපේ කෘෂිකර්මාන්තයටත් සෑහෙන වටිනා ජාතික උදව්වක් බවට පත්වෙනවා”

කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (11) අනුරාධපුර ජාතික පසු අස්වනු තාක්ෂණ ආයතනයේ පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BMW නඩුවට වරද පිළිගත් ජොනීට දඬුවම් නියම කිරීම කල් යයි

සටහන - රුවන් නෙළුගොල්ල නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද...

අනෝජන් සිවරාසා නිදහස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : සෞදි අධිකරණයෙන් චෝදනා...