ස්පාඤ්ඤයේ මහා වැඩවර්ජනයක් අතරතුර බාසිලෝනා නගරයේ දරුණු ගැටුම්

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 12:
ස්පාඤ්ඤයේ දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූ මහා වැඩවර්ජනයක් අතරතුර බාසිලෝනා නගරයේ ප්‍රචණ්ඩකාරී ගැටුම් හටගෙන තිබේ.

වසර 14කට පසු පැවති පළමු වැඩවර්ජනයට එක්වූ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම් හේතුවෙන් නගරයේ ඇතැම් ප්‍රදේශවල දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත.

ජීවන වියදම ඉහළ යාම, නිවාස කුලී මිල අධික වීම සහ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා මෙම විරෝධතාවලට ප්‍රධාන හේතු වී ඇති බව වාර්තා වන අතර විරෝධතා අතරතුර ඇතැම් පිරිස් වෙළෙඳසල්වලට හානි සිදුකරමින් කසළ බඳුන්වලට ගිනි තබා ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය මැදිහත් වී තිබේ.

මෙම සිදුවීම් හේතුවෙන් ස්පාඤ්ඤයේ ප්‍රධාන නගර කිහිපයක දෛනික කටයුතුවලට ද බාධා එල්ල වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රු.බි. 5ක මාතර සමුපකාර වංචා විමර්ශනය: වාහන 12ක් භාවිත කිරීම අධිකරණයෙන් තහනම් කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: රුපියල් මිලියන 5,000ක් පමණ...

මෙවර සාංචියට රටවල් රැසකින් බැතිමතුන්

කොළඹ LNW:ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සාංචි මහා පුදබිමේ වාර්ෂික...

ජනපති අනුරගේ 2027 අයවැය කතාව අද පාර්ලිමේන්තුවට

සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැය යෝජනාවලිය අද (12) ජනාධිපති...

තෙල් නිෂ්පාදනය පසුගිය මාස කිහිපය තුළ ඉහළම මට්ටම කරා ළඟා වූ බව OPEC සංවිධානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 12: ඉරාන යුද්ධයට පෙර...