Breaking: මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට..

රෂිකා හෙන්නායක නොවැම්බර් 12:කොළඹ LNW :

විශේෂ නාවික මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින්, මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනුණි.

එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටින අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව බලාපොරොත්තු වේ.

එමෙන්ම, පසුගිය 2026 නොවැම්බර් 05 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 132කට අධික තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 57කට අධික තොගයක් සමඟ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සැකකරුවන් 05 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගනු ලැබීය.

තවද, ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ නාවික හමුදාව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2773කට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝප්‍රමාණය 2130කට අධික තොගයක් සමඟ රුපියල් බිලියන 114කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කර ඇත.

නාවික හමුදාව 2026 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 73කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන විදේශ අමාත්‍යවරයා සහ ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා අතර දුරකථන සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා සහ ඇමරිකා...

ඉදිරි වර්ෂය සඳහා රජයේ මුළු වියදම රු. බිලියන 4,992.77ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: නිදහස් ශ්‍රී ලංකාවේ 81...

මේ පාර එන්නෙත් ඇත්ත දත්ත හංගලා හදපු අයවැයක් – විපක්ෂ නායක

කොළඹ LNW:රජය අයවැය ගැන කතා කරන්නේ සැබෑ දත්ත සඟවා...

රු.බි. 5ක මාතර සමුපකාර වංචා විමර්ශනය: වාහන 12ක් භාවිත කිරීම අධිකරණයෙන් තහනම් කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: රුපියල් මිලියන 5,000ක් පමණ...