ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ජනතාවට සහනයක් දීමට උත්සහ ගන්නා අතරම රටේ සංවර්ධනය ඉහළ නැංවීම අරමුණු කරගත්තා ස්වරූපයක් මෙවර අයවැයෙන් පවතින බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ගාමිණී වීරසිංහ මහතා පවසයි.
අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් ඉදිරියේදී 7%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවට ජනාධිපතිවරයා පැවසූ අතර එය සාධනීය තත්ත්වයක් බවයි වීරසිංහ මහතා පෙන්වාදෙන්නේ.
”ආර්ථිකය තුළ බලශක්ති පැත්ත වෙන්න පුළුවන්, සංචාරක කර්මාන්තය වෙන්න පුළුවන්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වෙන්න පුළුවන් මෙන්න මේ වගේ අංශ නගා සිටුවීම සඳහා එම අංශ වෙත යම් යම් සහනයන් ලබා දීමක් මේ අයවැයෙන් කර තිබෙන බවක් පේනවා. මේ අයවැයේ තියෙන හොඳ ලක්ෂයණයක්. ඒ වගේම සංවර්ධනාත්මක නැඹුරුවක් මේ තුළ දැකගන්න පුළුවන්කම තියෙනවා. ජනතාවට සහන දෙන්න උත්සහයන් ගන්නා අතරම රටේ නිෂ්පාදනයේ ඉහළ නැංවීම වෙනුවෙන් අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගෙන තියෙනවා” යනුවෙන් මහාචාර්යවරයා සඳහන් කරයි.


