සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13: ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය විසින් ගෙන එන ලද නව නීති යටතේ කාන්තාවන්ට පිරිමි වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගැනීම තහනම් කර තිබේ.
තලේබාන් පාලනය යටතේ ක්‍රියාත්මක වන මෙම සීමා හේතුවෙන් ඇතැම් පිරිමි වෛද්‍යවරුන්ට කාන්තා රෝගීන් පරීක්ෂා කිරීම සහ ප්‍රතිකාර කිරීම සඳහා පිරිමි භාරකරුවෙකුගේ සහභාගීත්වය අවශ්‍ය වී තිබේ. එවැනි අවස්ථාවලදී ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන කාන්තාවන් ආපසු හරවා යැවෙන අවස්ථාද වාර්තා වේ.
විශේෂයෙන්ම කාන්තා වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් කාන්තාවන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවා ලබාගැනීම තවදුරටත් දුෂ්කර වී ඇති අතර එමෙන්ම කාන්තාවන්ගේ අධ්‍යාපනයට සහ වෘත්තීය අවස්ථාවන්ට පනවා ඇති සීමා හේතුවෙන් අනාගතයේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාන්තා වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත් උග්‍ර විය හැකි බවටද අනතුරු ඇඟවී ඇත.
මෙම තත්ත්වය ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ මූලික සෞඛ්‍ය අයිතිවාසිකම් සහ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ජාත්‍යන්තර අවධානයක් යොමු කර තිබේ.
තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථානයේ දැරියන් මිලියන 2.4කට පමණ ද්විතීයික හා ඉහළ අධ්‍යාපනයට ප්‍රවේශය අහිමි වී ඇති බව UNESCO පවසයි. මෙම තත්ත්වය වෙනස් නොකළහොත් 2030 වන විට අධ්‍යාපනය අහිමි වන දැරියන් සංඛ්‍යාව මිලියන 4කට ආසන්න විය හැකි බවටද එම සංවිධානය අනතුරු අඟවා ඇත.
පාසලක දොරක් වසා දැමීමට ගත වන්නේ මොහොතකි.
එහෙත් එක් පරම්පරාවක සිහින නැවත ගොඩනැගීමට දශක ගණනක් ගත විය හැකිය.

