ලාෆ්ස් ගෑස් මිල සැරටම ඉහළට

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල වැඩිකර තිබේ.

ඒ අනුව රුපියල් 4,965ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 6,740කි.

එමෙන්ම, රුපියල් 1,988ක්ව පැවති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 2,720ක් වේ.

ලාෆ්ස් ගෑස් සමාගම පවසන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින මිල ගණන් අනුව ශ්‍රී ලංකාවට ගෑස් තොග මිලදී ගැනීමේ පිරිවැය ඉහළ යාම මෙම මිල සංශෝධනයට හේතු වී ඇති බවයි.

කෙසේවෙතත් අලෙවි නියෝජිත ජාලය හරහා අඛණ්ඩව ගෑස් සැපයීම පවත්වාගෙන යාමට සියලු උත්සාහයන් ගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම අවධාරණය කර ඇත.

පාරිභෝගිකයන්ට ගෑස් නැවත පිරවුම් ලබාගත හැකි ස්ථාන සහ දිස්ත්‍රික්ක අනුව පවතින මිල ගණන් පිළිබඳ තොරතුරු 1345 දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි බවත් එම සමාගම සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චිත්‍රාංගනී නමින් තිස්හත් වසරක් තිස්සේ නොපිපුණු රතු මල් ….

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා සහ නායකයා වූ රෝහණ විජේවීර...

Nvidia ආන්දෝලනයෙන් ඇමරිකානු වාණිජ ලේකම් හොවාර්ඩ් ලට්නික්ගේ ධුරයත් අවදානමක!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13: Nvidia ඔත්තු බැලීමේ...

37 වෙනි ඉල්මහ විරුවන් සැමරේ!

කොළඹ LNW:37 වෙනි ඉල්මහ විරු සමරුව අදට (13) යෙදී...

සිනමා පසුබිම් ගායනයේ අමරණීය නාමය : “ජෝතිගේ” ජීවිත කතාව සිනමාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW: ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ...