නොවැම්බර් 14, කොළඹ LNW:
ජනාධිපතිවරයා සභාවට පැමිණ අයවැය යෝජනා රජයේ ප්‍රතිපත්ති සම්භාරය ගැන කරුණු ඉදිරිපත් කළ පසු ඊයේ දින ලාෆ් ගෑස් මිල වැඩි කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලාෆ් ගෑස් මිල වැඩි වීම නිසා ජනතාව ගැටලු රැසකට මුහුණ දෙන බව පාර්ලිමේන්තුවේ පවසන විට කතානායකවරයා සහ සභානායකවරයා විසින් ඒ සඳහා බාධා පැමිණවීම සිදු කරන ලදි. මේ අවස්ථාවේදී ගෑස් මිල වැඩි වීම ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රශ්න කිරීම සභානායකවරයා විසින් හැන්සාට් වාර්තාවෙන් ඉවත් කරන ලෙස ද කතානායකවරයාට පැවසීය.
ලාෆ් ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවස්ථාව ලබා නොදීම ගැන මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය අප්‍රසාදය පළ කරන ලදි. රටේ සහ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබා නොදීම කණගාටුවට කරුණක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.


