සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 15 : ගල්ෆ් කලාපයේ යළිත් යුදමය උණුසුම ඉහළ යමින් පවතින පසුබිමක, බහරේනයේ පිහිටි හමුදා කඳවුරක් ඉලක්ක කර ඉරානය ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.
ඉරානය විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාරය බහරේනයේ පිහිටි ඇමෙරිකානු හමුදා ආරක්ෂක පද්ධති ඉලක්ක කරගෙන සිදුකර ඇති බව සඳහන් වේ. බහරේනයේ ඇමෙරිකානු නාවික හමුදාවේ පස්වන බලඇණියේ මූලස්ථානය පිහිටා තිබීම හේතුවෙන් එරට කලාපීය ආරක්ෂක කටයුතුවලදී වැදගත් උපායමාර්ගික ස්ථානයක් ලෙස සැලකේ.
ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් යළිත් ප්‍රහාර එල්ල වීමත් සමඟ කලාපීය ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමුව ඇති අතර සෞදි අරාබිය දෙසට එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් ද එරට ගුවන් ආරක්ෂක පද්ධති මගින් ව්‍යර්ථ කර ඇති බව වාර්තා වේ.
ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින උණුසුම් සබඳතා සහ ගල්ෆ් කලාපයේ අඛණ්ඩ ගැටුම්කාරී තත්ත්වය හමුවේ මෙම නවතම ප්‍රහාර කලාපීය ස්ථාවරත්වයට තවදුරටත් බලපෑම් එල්ල කරනු ඇතැයි අවධානය යොමුව තිබේ.

