ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහත වැටෙයි – ඉල්ලුමට වඩා සැපයුමේ ඉහළ යාමක්!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල මේ වන විට අමෙරිකානු ඩොලර් 88.42ක් දක්වා පහත වැටී ඇති අතර Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිලද පහත වැටී තිබේ. එය මේ වන විට වාර්තා වී ඇත්තේ ඩොලර් 95.42ක් ලෙසයි.

එහෙත් Murban වර්ගයේ බොරතෙල් බැරලයක මිල පෙරදින ගනුදෙනු සැසියට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව දැක්වෙයි.

ඒ අනුව එම බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 94.48ක් ලෙස සටහන් වී තිබේ.

පවතින තත්ත්වය අනුව ගෝලීය වෙළෙඳපොළේ ඉල්ලුමට වඩා බොරතෙල් සැපයුම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර මැදපෙරදිග කලාපයේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකරන බොරතෙල් ප්‍රවාහනය යුද්ධයට පෙර පැවති මට්ටමට ආසන්න වීමත්, චීනයේ බොරතෙල් ඉල්ලුම පහළ යාමේ සලකුණු පෙන්නුම් කිරීමත් මෙම තත්ත්වයට බලපා ඇති බව සඳහන්.

මේ අතර ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) පෙන්වා දෙන්නේ මෙම වසරේ සිව්වැනි කාර්තුවේදී ගෝලීය බොරතෙල් සැපයුම දෛනිකව බැරල් මිලියන 105ක් පමණ වනු ඇති බවයි.

එය අපේක්ෂිත ගෝලීය ඉල්ලුමට වඩා දිනකට බැරල් මිලියන 1.7ක අතිරික්තයක් බව එම ඒජන්සිය පවසයි.

කෙසේ වෙතත්, සැලකිය යුතු කරුණක් වන්නේ, 2025 වසර හා සසඳන විට ගෝලීය තෙල් සැපයුම දිනකට බැරල් මිලියන 4.8 කින් අඩු වනු ඇති බවත්, නමුත් ඉල්ලුම අඩු වනු ඇත්තේ දිනකට බැරල් මිලියන 2.7 කින් පමණක් බවත් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සඳහන් කර තිබීමයි.

වෙළඳුන් මෙම තොරතුර කෙරෙහි එතරම් අවධානයක් යොමු නොකළ බව පෙනෙන්නට ඇති අතර ඊට හේතුව විය හැක්කේ, තෙල් අතිරික්තයක් ඇති වන බව පුරෝකථනය කළ එකම වාර්තාව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ වාර්තාව පමණක් නොවීමයි. මෙම මාසයේ මුල් භාගයේදී, ‘ගෝල්ඩ්මන් සැක්ස්’ (Goldman Sachs) සහ ‘ජේ.පී. මෝගන්’ (JP Morgan) යන ආයතනවල විශ්ලේෂකයින් ද තෙල් අතිරික්තයක් ඇති විය හැකි බවට අනාවැකි පළ කර තිබුණි.

එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම් හේතුවෙන් තෙල් ඉල්ලුම විශාල ලෙස පහත වැටීම (Demand Destruction) ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්හ.

“සැප්තැම්බර් මාසයේදී ගෝලීය තෙල් වෙළඳපොළ දිනකට බැරල් මිලියන 1.1 ක අතිරික්තයක් සහිත තත්ත්වයකට පත් වූ බවත්, ඔක්තෝබර් මාසයේදී එය දිනකට බැරල් මිලියන 1.4 දක්වා ඉහළ ගිය බවත් අපි ඇස්තමේන්තු කරනවා. මෙය පසුගිය වසරේ පැවති දිනකට බැරල් මිලියන 1.3 ක සාමාන්‍ය අගයට ආසන්න අගයකි,” යැයි JP Morgan ආයතනය ප්‍රකාශ කළේය.

මේ අතර, Goldman Sachs ආයතනය සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සඳහා තෙල් වෙළඳපොළ සමබරව පැවති බව ඇස්තමේන්තු කර ඇති අතර, අතිරික්තයක් ඇති වීම පිළිබඳ අනාවැකි පළ කිරීමේදී ඔවුන් වඩාත් ප්‍රවේශම් සහගත ස්ථාවරයක් ගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Jay Shah නැවතත් නිතරඟයෙන් ICC සභාපති ධුරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: බාලි (Bali) හි පැවැති...

සංචාරක ආදායමේ වැඩිවීමක් පෙන්නු කළත් පැමිණි සංචාරකයින්ගේ අඩුවීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඔක්තෝබර් මාසයේ දී සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති...

විපක්ෂ නායක සජිත් කථානායකවරයාගෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන්...

නාමල්ව අදත් අධිකරණයට රැගෙන එයි – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසීමකටත් අධිකරණයෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර...