ශ්‍රී ලංකාවේ ලෝකයේ සතුටින්ම මිනිසුන් සිටින රටවල් අතරට ගෙන ඒමට රජය බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.
“මේ අයවැය තුළින් අපි වැඩිම අවධානය යොමුකළේ ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයට. බිලියන 740ක වගේ දැවැන්ත මුදලක්. අපි බලාපොරොත්තු වෙනවා ලංකාව ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රටවල් අතරට ගේන්න. දැන් දකුණු ආසියාවේ සාමකාමීම දෙවැනි රට. අපි එනකොට ලෝකේ හිටියේ 97, දැන් 67”
නලින් හේවගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති උත්සවයක් අමතමිනි.


