ජනපති අනුරට රාජතාන්ත්‍රික ඇරයුමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW:

බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරට නිල සංචාරයක් සඳහා විධිමත් ආරාධනයක් කර ඇති අතර, එය බංග්ලාදේශ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජනාධිපති කාර්යාලයේදී ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම හමුවේදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ දේශපාලන, සංස්කෘතික මෙන්ම අධ්‍යාපනික ක්ෂේත්‍රවල සබඳතා තවදුරටත් පුළුල් කරගැනීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරන ලදී.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සංවර්ධන සහ දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් අගයමින් බංග්ලාදේශයද එම ආදර්ශයන් තමන්ගේ රටට වැදගත් වන බව පවසා සිටියේය.

අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම්ව ඇඟලුම්, සංචාරක සහ පුනර්ජනනීය බලශක්ති වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීමට දෙපාර්ශ්වයේම අවධානය යොමුවී ඇත.

ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති සමාගම්වලට බංග්ලාදේශයේ එම අංශය සංවර්ධනය කිරීම සඳහා දායක වීමට ඇති අවස්ථා පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය ආයතන එකාබද්ධ කිරීම ඇරඹේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: වත්මන් රජයේ ප්‍රථම රාජ්‍ය...

නාමල්ට ලැබුණු ඇපය වළක්වමින් අතුරු තහනම් නියෝගයක් !

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන...

අභියාචනය ප්‍රතික්ෂේපයි – ශෂී වීරවංශගේ වසර දෙකක සිර දඬුවමත් බලාත්මක වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නීති විරෝධී ලෙස විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ...