අනුරාධපුර පොලීසිය මගින් අත් අඩංගුවට ගත් රාජාංගනේ සද්ධාරතන හිමි ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට අද (18) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
රුවන්වැලිසෑය අසල දන්සැල් භූමියේ බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසක් විසින් පවත්වාගෙන ගිය මාරාන්තික උපවාසය අතරතුර, ඉකුත් 12 වැනිදා පිරිසක් සමග එම ස්ථානයට පැමිණ ගැටුමක් ඇති කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සද්ධාරතන හිමි ඇතුළු සිව්දෙනෙකු අද අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ ශ්‍රාවස්තිපුර අලුත්වැව, දෙව්රම්වෙහෙර විහාරස්ථානයේදී ය.
මෙම සිද්ධියට අදාළව සද්ධාරතන හිමි ඇතුළු අනෙකුත් සැකකරුවන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි, අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (17) නියෝගයක් නිකුත් කර තිබිණි.


