ඉන්දියාවේ නීතිවිරෝධී මත්පැන් විෂවීමෙන් 11දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 21 :
ඉන්දියාවේ ඊසානදිග මනිපූර් ප්‍රාන්තයේ නීතිවිරෝධී මත්පැන් විෂ වීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තවත් 180කට අධික පිරිසක් රෝහල්ගත කර තිබේ.

මනිපූර් ප්‍රාන්තයේ චන්දෙල් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, බලපෑමට ලක්වූ පුද්ගලයන්ට විවිධ සෞඛ්‍ය සංකූලතා ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාන්ත මහ ඇමැතිවරයා විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබේ. එමෙන්ම මෙම මරණවලට සහ විෂවීම්වලට වගකිව යුතු පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නීතිය අනුව දඬුවම් ලබාදෙන බව ද ඔහු අවධාරණය කර ඇත.

සිද්ධියට හේතු වූ මත්පැන්වල අඩංගු ද්‍රව්‍ය සහ ඒවා නිෂ්පාදනය කළ පුද්ගලයන් සම්බන්ධයෙන් බලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය හා අලෙවිය හේතුවෙන් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල මීට පෙර ද මෙවැනි මාරාන්තික සිදුවීම් වාර්තා වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිලියන 47.6ක මුදල් වංචාවක් කළ චීන කටු වෛද්‍යවරයාට දඩ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: මිලියන 47.6ක චීන කටු...

අයවැය විවාද කාල සීමාව තුළ කෙටුම්පත් ත්‍රිත්වයක් විවාදයට ගැනීමට තීරණයක්!

කොළඹ LNW:අයවැය විවාද කාල සීමාව තුළ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක...

අහසත් පහුකරගෙන ගිය ලංකාවේ ලස්සන! NASA කැමරාවක සටහන් වූ අපේ පුංචි දිවයින!

සටහන – පුලීනොවැම්බර් 21, LNW (කොළඹ): පෘථිවියේ කොතැනක සිට බැලුවත්...

GTA 6 ආව ගමන් ලෝකයම පිස්සු වැටෙයි! පැය 24ක් යන්නත් කලින් ඩොලර් බිලියන 3.8ක වාර්තාගත ආදායමක්!

සටහන – පුලීනොවැම්බර් 21, LNW (කොළඹ):ලෝකයම බලාගෙන හිටපු Grand Theft...