පොලී අනුපාත ඉහළ දැමීමෙන් ආර්ථික වර්ධනය පහළ බහිනවා – හර්ෂ

ශ්‍රී ලංකා මහබැංකුව විසින් පොලී අනුපාතික ඉහළ දැමීම හේතුවෙන් ආර්ථික වර්ධනය අඩාල වනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“මහ බැංකුව දිගින් දිගටම කියන දේ තමා දැන් උද්ධමනය 9%ට යනවා, ඒ නිසා ඉල්ලුම පැත්තෙන් උද්ධමනය පාලනය කිරීම සඳහා මිනිස්සුන්ට වියදම් කරන්න තියෙන ප්‍රමාණය අඩු කරන්න පොලී අනුපාත ඉහළ දානවා කියලා. එතකොට ඕකෙන් වෙන්නේ අර බලාපොරොත්තු වෙන වර්ධනය, සංවර්ධනය තවදුරටත් පල්ලෙහාට බහිනවා. ඇත්ත වශයෙන්ම බොහෝ දෙනා දන්න නැති දෙයක් තමයි ආර්ථික වර්ධනය 4.7ක් කියලා කිව්වට, ඕකෙන් 0.7 තියෙන්නේ බදු. එතකොට මේ බදු හරහා විශාල විදිහට ආර්ථිකය වර්ධනය වෙලා තියෙනවා කියන එක තමයි ඇත්ත වශයෙන්ම දත්ත ටික හරියට විශ්ලේෂණය කරගත්තොත් කෙනෙක්ට පේන්නේ. ඉතින් මට පේන්නේ බලාපොරොත්තු වෙන ආර්ථික වර්ධනය, ජනතාවට ඒ වර්ධනයේ ප්‍රතිඵල බෙදී යෑම තවදුරටත් ප්‍රමාද වෙන එක තමයි වෙන්නේ”

හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියානු කර්මාන්තශාලාවක හටගත් ගින්නකින් තිදෙනෙකු මිය යයි; 36ක් අතුරුදහන්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: ඉන්දුනීසියාවේ බන්ටන් පළාතේ පිහිටි...

සික් බෙදුම්වාදී නායකයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ ඉන්දීය ජාතිකයකුට වසර 19ක සිරදඬුවමක් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : ඇමෙරිකාවේ වෙසෙන...

වරප්‍රසාද අහිමි වූ ඇතැම් කණ්ඩායම්වල මැසිවිලිවලට හසුවන්න එපා – ධීවර නියෝජ්‍ය ඇමති

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: රට සංවර්ධන ක්‍රියාවලිය ඔස්සේ...

ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් පණිවුඩයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : ජාතික ළමා ආරක්ෂක...